සැන්දෑ සමයක
මට නොදැනෙන්නම
මරු ඇවිදින්
සිත සනසවමින්
රැගෙන ගියා ඔහු
රැගෙන ගියා
සිතේ රැඳුන
පෙම් ලොවම මරා
සිත කිතිකවලා
ලොව කලඹාලා
මා පෙම් කළ ඔහු
මරා දමා….
වෙනෙකෙකු
ඔහු තුළ රඳවාලා
පණ නැති එම ගත
රැගෙන ගොසින්
නාඳුනන ඇගෙ
තුරුලෙ හොවා
මට පෙන්වා
සමච්චල් කරයි මරු
මට රිදවයි, කැඳවයි
අනේ, දුකයි මට
මම කළ පවක අරුමය…
Advertisement